රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
අද (28) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව නිවේදනය කළාය.
එම සාකච්ඡාවකදී වැඩිදුරටත් හෙළිදරව් කරමින්, ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය (2016/24)ද මෙම තත්ත්වය නිසා කල්දැමීමට සිදුවී ඇති බව ඔහු පැවසීය.
දෙසැම්බර් 01 සහ 02 යන දිනයන්හිදී අදාළ විභාග පැවැත්වීමට සූදානම්ව තිබුණද, අයහපත් කාලගුණය හේතුවෙන් විභාග කාලසටහන වෙනස් කිරීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
“දෙසැම්බර් 01 සහ 02 යොදාගෙන ඇති තවත් විභාග දෙකක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවශ්‍යයි.”
“පළවෙනි විභාගය ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය 2024. මෙම විභාගය දෙසැම්බර් 01 වනදා කොළඹදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කර තිබෙනවා.”
“අනෙක් විභාගය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩයීම් විභාගය 2016/24.”
“මේ විභාග දෙක අපි අදාළ දිනවල පවත්වන්නේ නැහැ. ඒ අනුව මෙම විභාග පැවැත්වීමේ දින ඉදිරියේදී අදාළ අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරනවා.”